ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් පිදුම් ලත් ස්වර්ණ භූමියකි .සෑම බිම් අගලක්ම වගා කළ හැකි මේ පින් බිමේ ඉපදීමට අපි සැබැ වාසනාව්න්තයින් වී තිබේ .ලංකාව ප්‍රමානයෙන් සුළු භූමි භාගයක් පුරා පැතිර ගිය බිම් කඩකි .නමුත් ඒ පින් බිම ස්වාභාවික සම්පත් වලින් අනුන සශ්‍රීක භූමියක් බව අප පමණක් නොව පිටරැටියන් පවා පිළිගෙන හමාරය . නමුත් ,මේ සරු බි මෙන් ශ්‍රී ලාංකීය අපි නිසි ප්‍රයෝජන ගෙන ඇත්දැයී සැක සාහිතය. ප්‍රතිපල ලබා ගත්තද එය සුළු ප්‍රමාණයකි .
නමුත් වසර 30 ක් පුර පැවති කුරිරු යුද වාතාවරණය හේතුවෙන් ඒ සශ්‍රීක බිම ලෙයින් තෙත් වූ මුඩු බිමක් බවට පත් විය .ගස් වැල් වලින් පිරි තිබුණු යාපනේ භූමිය ජන ශුන්‍ය මුඩු බිමක් බවට පත් විය.නමුත් ජාතියේ වාසනව්ට ඒ කුරිරු යුද්ද්ය අවසන් කොට නැවතේ යාපනයට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවටම නිදහසේ හුස්ම ගැනීමේ නිදහස ලැබී තිබේ .මේ නිසම දැන් දැන් යාපනයේ තුල නැවත කෘෂිකර්මන්තය පන ගසා තිබේ .ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදෙශයටම ආවේනික වූ මිදී වගාව,ළුණු ව්ගාව්, තල් වගාව් ,මෙන්ම කැරට් ,ගෝවා ,වම්බටු ,ගස්ලබු ,අබ ,කෙසල් ,වැනි බොහෝ එළවලු හා පලතුරු වර්ග වගා කිරීම් කටයුතු මේ වන විට සිදු වේ . විවිධ දුෂ්කරතා මැද වුවත් පාරම්පරික ගොවින් මෙන්ම මෙම කර්මාන්තයට් අලුතින් එකතු වූ ගොවින් ද මේ වගාවන්හි නිරත වේ . නමුත් පෙර පැවති නිල්ල ගැහුණු යාපන පරිසරය නැවත කවදා එලෙසම දැක ගන්නද? ඒ සදහා අපට තව බොහෝ කලක් මග බලා සීටිමට සිදු වනු ඇත ,
අප්සරා මදුවන්ති
No comments:
Post a Comment