යලි පන ලබන යාපනයේ ගොවිතැන
අප්සරා මදුවන්ති ........
මූලිකව සඳහන් කළ යුත්තක් ඇත. ඒ ලංකාවේ වෙසෙන
දුෂ්කරම ගොවියා කවුද ඇසුවොත් ඔහු යාපනයේ ගොවියා යැයි කිසිවෙක්
කීවොත් එය වඩාත් වඩ වඩාත් සත්‍යයට ලංවේ. ඒ මක්නිසාද යත් යාපනයේ
වගාවට ජලසම්පාදනය හා පොලව සකස් කිරීම එතරම්ම අපහසු කාර්යයක්
බැවිනි.
දුම්කොල, ලූනු, මිරිස්, එලවළු (කැරට් / බීට් /
බටු / මඤ්ඤොක්කා/ මෑකරල් / කෙසෙල් ) මිදි වගාව මේ අතරින් ප්‍රධාන
වේ. මෙහි ප්‍රධානම තැනක් ගන්නේ දුම්කොල වගාවයි. මේ වන විට යාපනයේ
සියළු නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් හා යහපත් මිලක් ලැබී ඇත. A9
මාර්ගය විවෘත වීමත් සමග දහස් ගණන් දකුනේ වැසියෝ උතුර බලා නෑගම් යාම
ඇරඹීමත් මෙයට තවත් හේතුවක් වී ඇත. මෙයට අමතරව දවසේ පැය 24 ම
දකුනෙන් උතුරට හා උතුරෙන් දකුණට භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුවේ. මේ
නිසා ඔවුන්ගේ නිෂ්පාදන බොහොමයක් සෘජුවම දකුණේ වෙළඳපලට සැපයීම
සිදුවේ.
|
|
|
ඵලදාව වෙළද පොලට රුගෙන යමින්
|
ටික කලකට පෙර පොහොර මිටියක් සඳහා රු. 9000 –
11000 අතර මිලක් ගෙවූ යාපන ගොවියෝ අද පාලන මිලට පොහොර මිලදී ගනිති.
එය ඔවුන් ලද විශාල සහනයකි. බීජ වර්ග කෘෂි රසායනද ඒ ආකාරයට පාලන
මිලට අද ඔවුන් අතට පත්වේ. මේ නිසා ඔවුන්ගේ ආදායම් සීමාවේ සැලකිය
යුතු වර්ධනයක් ඇත. සියළුම කෘෂි භෝග වගා වල තත්වය මෙය බැවින් යාපන
ගොවියා අද වන විට සිය වගාබිම් ප්‍රමාණය විශාල කොට ඇත.
|
|
වගාකිරීම සදහා පෙරළු නැවුම් පස
|
යාපනයේ බොහෝ ප්‍රදේශ පසුගිය කාල සීමාවේ සෘජුවම යුද්ධයෙන් පීඩා නොවින්ඳද යාපනයේ වැසියෝ ජීවත්වූෙය් අවිනිශ්චිතභාවයක් සමගය. මන්ද, එල්.ටී.ටී.ඊ.ය. වැපිරූ ත්‍රස්තවාදය හා භීතිය නිසා ඔවුන්ගේ හෙට දිනය කුමක් වේද යන සැකය සමග ඔවුන් ජීවත් වූ නිසාවෙනි. නමුත්, ත්‍රස්තවාදය අවසන් වීමත් සමගම සිය අනාගතය පිලිබඳ බලාපොරොත්තුවක් ඔවුනට ඇති විය.
A9 මාර්ගය විවෘත වීමත් සමග දකුනෙන් උතුරට එන පිරිස් සඳහා වන තල් ආශ්‍රිත නිෂ්පාදන ඉල්ලුම සපුරාලිය නොහැකි මට්ටමක පවතී. හොඳ මිලක් ලැබුනද ඉල්ලුම විශාල නිසා ප්‍රමිතයෙන් බාල නිෂ්පාදන ද අද වෙලඳපලට පැමිනීමද සිදුව ඇත. අඩු ප්‍රමිතියෙන් යුතුව විශාල ප්‍රමාණයේ භාණ්ඩ නිපදවීම මෙයට හේතුවයි. සෘජුවම නිෂ්පාදන වෙලඳපලට සපයන හෙයින්ද තල් සංවර්ධන මණ්ඩලයට මිලදී ගැනීමට තල් නිෂ්පාදන යාපනයේ නොමැති තරම්ය. මෙය එක් අතකින් යහපත් වුවද තවත් අතකින් අයහපත්ය.
සත්‍ය වශයෙන්ම අද යාපනයේ කෘෂිකාර්මික නවෝදය දැකිය හැක. මෙය කිසිවකුට එසේ නැතැයි කීමට නොහැක. ඉතා පැහැදිලිව යාපන ගොවියාට අතමිට සරු කලක් උදාවෙමින් පවතී. මෙයට මූලිකව බලපෑ කරුණු කීපයකි. යාපනයේ පැවති ඇඳිරි නීති තත්වය, යම් යම් සීමා තත්වයන් ඉවත් කිරීම හා ආරක්ෂක හේතූන් මත ඇතැම් භාණ්ඩ මත පනවා තිබූ සීමාවන් ඉවත් කිරීම පෙන්වා දිය හැක. මෙහි වඩාත්ම ප්‍රබල සාධකය වන්නේ A9 මාර්ගය පැය 24 පුරාම විවෘත කිරීමය. ඒ තුලින් යාපනයේ ජන ජීවිතයේ මෙන්ම කෘෂිකර්ම සංවර්ධනයේ ඉතා ප්‍රබල වෙනස්කම් වලට ලක් කිරීමක් විය.
අපි මේ සියල්ල දුටිමු. ඔවුන්ගේ වදනින් ඇසුවෙමු. කථා කලෙමු. වඩා සංවේදී වූ ඔවුන්ගේ සිනාවෙන් පිරුන මුහුනු වල හෙට දිනක් ගැන බලාපොරොත්තුවේ පහන් දැල්වෙනු අපි දුටිමු.
|
|
|
මිරිස් | බීට්රූට් | කැරටි |
|
|
|
දුම්කොල | මඤ්ඤොක්කා | මිදි |
|
|
|
යාපනයේ පොල් වගාව සංවර්ධනයට යුද හමුදාවේ අතහිත
මෙම වැඩපිළිවෙල සඳහා උසස් තත්වයේ පොල් පැල
ලබාගනු ලබන්නේ ජාතික පොල් සංවර්ධන මණ්ඩලය වෙතින් වන අතර ක්‍රමවත් වගාවක්
සදහා පොල් සංවර්ධන මණ්ඩලයේ උපදෙස් මත වගාව සඳහා බිම් සකස් කිරීම පැල සඳහා
වලවල් සකස් කිරීම මෙන්ම පසුකාලීන නඩත්තුව හා පාලනය සිදුවන්නේ ආරක්ෂකසේනා
මූලස්ථානයට අයත් ආරක්ෂක අංශ සාමාජිකයින් මගිනී.
මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණව ඇත්තේ මෙතුලින් මෙරට
ආර්ථිකයට දායකත්වයක් ලබාදීමත් රජයේ සංවර්ධන වැඩපිළිවෙල සඳහා සහයෝගයක්
ලබාදීමත්ය. තවද දීර්ඝ කාලයක් යුද්ධය පැවතීම හේතුවෙන් විනාශව ගිය යාපනයේ තල්
හා පොල් වගා ප්‍රමාණය සුවිශාලය. ඵම වගා සදහා නැවත පුනර්ජීවයක් ලබාදීමද මෙම
ව්‍යාපෘතියේ තවත් අරමුණක්ව පවතී.
මෙම අවස්ථාවට සහභාගවූ තල් සංවර්ධන මණ්ඩල නිළධාරීන්ගෙන්
ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඉල්ලා සිටියේ මෙයට සමගාමීව ප්‍රදේශය පුරා තල්පැල
රෝපණය කිරීමද සිදුකරන ලෙසයි. මේ සදහා සිය සහය ලබාදෙන බව ප්‍රකාශ කල මේජර්
ජෙනරාල් හතුරුසිංහ මහතා තල් බීජ 400000, ඵකතුකිරීමේ ඉලක්කයක් සිය ආරක්ෂක
සේනාවට අයත් සියළු සේනාංක මූලස්ථාන, බලසේනා මූලස්ථාන හා ඵ්කකයන් වෙත ලබාදෙන
ලදී. එය පසු තල් සංවර්ධන මණ්ඩලයේ පැළ තවාන් සඳහා ලබාදීමට නියමිතව ඇත.
யாழ்ப்பாணத்தில் உற்பத்திசெய்யப்படும் பனை உற்பத்திப் பொருட்களை தென்னிலங்கை மக்கள் மற்றும் வெளிநாட்டவர்களே அதிகம் கொள்வனவு செய்வதாக யாழ்.சந்தை உள்ளூர் விற்பனை நிலைய வியாபாரிகள் தெரிவித்தனர் . யாழ்.மக்கள் கண்ணாடி மற்றும் பிளாஸ்டிக்காலான பொருட்களையே அதிகம் வாங்கிக் கண்ணாடிப் பெட்டிக்குள் அழகுக்காக அடுக்கி வைக்கின்றனர். ஆனால், தென்னிலங்கை மக்கள் பனை உற்பத்திப் பொருட்களையே கண்ணாடிப் பெட்டிக்குள் அடுக்கின்றனர் என்றார் சி.பழனிவேலு என்ற வியாபாரி. பனை ஓலையால் பின்னப்பட்ட இடியப்பத்தட்டு, பாய்கள், பெட்டிகள், கடகம், சுளகு, கூடைகள், விசிறிகள், முங்கில் பிரம்புகள் என்பன மட்டுமன்றி, கண்ணைக் கவரும் வகையில் வர்ணங்கள் ப+சப்பட்ட ஓலையால் தயாரிக்கப்பட்ட அலங்கார சுவர் மாட்டிகள், பென்சில் பை, கைத்தொலைபேசிக் கவர், பூக்கூடைகள், பென்சில் பேர்ஸ், கைப்பைகள், தொப்பிகள் என ஏராளமான பனை உற்பத்திப் பொருட்கள் யாழ்ப்பாணச் சந்தையில் விற்பனைக்க வைக்கப்பட்டுள்ளன.
yasi.....
பூலோக கற்பக தரு என்கிற பெருமைக்கு உரியது பனை. இலங்கையில் யாழ்ப்பாணத்தின் வளங்களில் ஒன்று பனை மரம்.
தற்போதைய முன்னெடுப்பின்படி கொழும்பில் பத்தரமுல்ல பிரதேசத்தில்
அமைந்துள்ள மக்கள் அருங்கலை பேரவையில் (Janakala Kendra) கடந்த மாதம்
திறக்கப்பட்டது. தற்போது அங்கு அன்றாட விற்பனை நடவடிக்கைகள் தொடர்ந்து
நடைபெற்று வருகின்றது
யாழ். மாவட்டத்தில் பனை சார் உற்பத்தி உணவுப் பொருட்கள் சித்த மருத்துவ
குணாம்சம் கொண்டவை என தென்னாபிரிக்க குழுவினர் தெரிவித்ததுள்ளதுடன், யாழ்.
மாவட்டத்தில் பனைசார் உணவுப் பொருட்கள் தயாரிக்கும் தகவல்களை திரட்டிச்
சென்றுள்ளனர்.அத்துடன், பனைசார் உற்பத்திகளை கொள்வனவு செய்வதுடன், சந்தை வாய்ப்பினை ஏற்படுத்த நடவடிக்கை ஏடுப்பதாகவும் உறுதியளித்துள்ளதாக பனை அபிவிருத்திசபை தலைவர் மேலும் தெரிவித்தார்.
சென்றுள்ளனர்.அத்துடன், பனைசார் உற்பத்திகளை கொள்வனவு செய்வதுடன், சந்தை வாய்ப்பினை ஏற்படுத்த நடவடிக்கை ஏடுப்பதாகவும் உறுதியளித்துள்ளதாக பனை அபிவிருத்திசபை தலைவர் மேலும் தெரிவித்தார்.
பனை சார் உற்பத்தி பொருட்களுக்கு தென்னாபிரிக்காவில் சந்தை வாய்ப்பினை
மேற்கொள்வதற்கான ஏற்பாடுகள் செய்வதாக தென்னாபிரிக்க குழுவினர்
உறுதியளித்துள்ளதாக பனை அபிவிருத்திசபை தலைவர் பசுபதி சீவரத்தினம் இன்று
திங்கட்கிழமை தெரிவித்தார்.யாழ்ப்பாணத்துக்கு விஜயம் செய்துள்ள தென்னாபிரிக்க குழுவினர் கைதடியில்
அமைந்துள்ள பனை ஆராய்ச்சி நிலையத்தினை சென்று பார்வையிட்டதுடன்,
தொழில்நுட்பம் மற்றும் அறிவு சார்ந்த உற்பத்தி பொருட்களையும்
பார்வையிட்டுள்ளனர்.
இந்நிகழ்வில் குறித்த இயந்திரத்தினை பயன்படுத்தும் முறை குறித்து தேசிய
இயந்திரவியல் ஆராய்ச்சி அபிவிருத்தி நிறுவன ஆராய்ச்சி நிபுணர் மாலினி
ரணதுங்க, மற்றும் பனை அபிவிருத்தி சபை தலைவர் பசுபதி சீவரத்தினம் ஆகியோர்
பனை ஆராய்ச்சி நிலைய உத்தியோகத்தர்களுக்கு விளக்கமளித்தனர்.அத்துடன்
பனாட்டினை சோலர் மூலம் பதனிட்டு அதனை பாதுகாப்பாகவும், மழையில் இருந்து
பாதுகாத்துக் கொள்வதற்கான உபகரணமும் வழங்கப்பட்டது.இந்நிகழ்வில் பனை
அபிவிருத்தி சபை தலைவர் பசுபதி சீவரத்தினம், முகாமையாளர்கள் மற்றும்
உத்தியோகத்தர்கள் எனப் பலர் கலந்துகொண்டனர்.
yasi..........
No comments:
Post a Comment