දේශීය
ජනතාව පිඩාවට පත් කරමින් තිස් වසරක් පුරාවට පැවත ආ යුද්ධය නිමාවත් සමගම
යාපන වැසියන් නව පිබිදීමක් කරා ගමන් කරේය.ඔවුන් ආර්ථික වශයෙන් දිනෙන් දින
ශක්තිමත් විය.යාපනයේ වැසියන් තම එදිනෙදා ජිවනොපායන් වලට පැල වග
කිරීම් කළේය .දුම් කොළ ,ලුඋනු ,මිරිස් වෙනි බෝග වග කර අදායම් ඉපයු යාපනයේ
වැසියන් මිදී වගවෙන්ද අදායම් ලැබුවේය.සම්ප්‍රදායට ඉඩ දෙමින් මිදී වගා
කරන්නට ඔව්න් වග බලා ගත් අතර මුදල් ණයට ගෙන හෝ එම වගාව නඩත්තු කළේය.යාපනයේ
මිදී ගොවියන් සේම මිදී වර්ගයක්ම තම වගා භුමියේ වග කරන්නේ නැත .ඔව්න්
සම්ප්‍රදායට චාරිත්‍ර වලට ගරු කරන පිරිසකි.එම සම්ප්‍රදායන් වලට ගරු කිරීම
ඔව්න් පරම්පරා ගතව කරගෙන එන ක්රමවේදයකි.එඉන් බැහැරව කටුතු
කිරීමට ඔව්න් පෙලබෙන්නේ නැත.යාපනයේ මිදී ගොවියන් තම සම්ප්රදාය ඔව්න්ගේ
ඊලග පරම්පරාව වෙතද දායාද කිරීමට පැකිලෙන්නේනැත.මා යාපනයේ මිදී වගාව
නැරබීමට ගිය මොහොතේ දුටුවේ ඔව්න් එම වගාව පුජනිය වස්තුවක් ලෙස සලකන
බවයි.මිදී වගාව ඉතා පිරිසිදු ලෙස සකසා ඇති ඔව්න් පාවහන් හිස් වැසුම් පැලද
වගා බිම වෙත ඇතුළු වීමට දෙන්නේ නැත. වගා බිමද ඉතාමත් පිරිසිදු ලෙස ඔව්න්
පවත්වාගෙන යයි .මිදී ගොවියන් සමග මා කල සංවාදයෙන් වැටහුනේ ඔව්න් ඉතා අදික
මුදලක් මෙම පැයක් වර්දනය කිරීමට යොදවන බවයි .පැල 100කට ලක්ෂ 8 ක් වැනි
විශාල මුදලක් ඔව්න්ට වියදම් කිරීමට සිදු වේ .එයට අමතරව ඒවා නඩත්තු කිරීමට
තවත් මුදල් වැ ය වේ.
මෙම ගොවීන්ට ඇති මුලිකම ප්රශ්නය වන්නේ වගා කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන
නොමැති කමයි. රජයෙන් එම ප්‍රතිපාදන ඔව්න්ට ලබා දුන හොත් මිදී වගාව මීට වඩා
සාර්ථක ලෙස දිවුණු කිරීමට ඔව්න්ට හැකියාව ලැබේ.එයට අමතරව මිදී වගාව තුල
වැදගත්ම සහ පරිස්සම් සහගතව කලයුතු ක්‍රියාවලිය වන්නේ කප්පාදු කිරීමයි.එයද
අත්දැකීම් බහුල පුද්ගලයන් විසින් කල යුතුය . නැතිනම් මුළු වගවටම ඉන්
බලපැමක් සිදු වේ .රජය විසින් මේ සදහා පළපුරුදු පිරිසක් පුහුණු කල හොත් මිදී
වගාවේ දියුණුවට එය වඩාත් ප්‍රයෝජනවත් වේ .මිදී ගොවියන්ගේ ගැටළු වලට කඩිනම්
විසදුම් රජයේ පාර්ශවයෙන් සැලසේ නම් සාර්ථක මිදී අස්වනු නෙලීමට මිදී
ගොවියන්ට හැකි වේ .
අමාලි ...
No comments:
Post a Comment